සුපිරි නළු ශාරුක් ඛාන් සහ ප්‍රියංකා චොප්රා අතර අනවශ්‍ය හිතවත්කමක් මෝදු වෙමින් තිබෙන බවට ආරංචි කිහිපයක් පසුගිය සති කිහිපය තිස්සේ පැතිරී ගිය බව රහසක් නොවෙයි, එක් අවස්ථාවකදී කටින් කට පැතිරුණු ආරංචියකින් කියැවුණේ එක්තරා දිනයකදී ප්‍රියංකා පාන්දර 3 ට පමණ ශාරුක්ගේ කාර්යාලයට හදිසියේ ම පැමිණි බවයි.
පසුගියදා පැවැත්වුණු සුපිරි සාදයකදීත් මේ බව හොඳින් ම තහවුරු වූ බවයි ප්‍රියංකා ගේත් ශාරුක්ගේත් යහළු යෙහෙළියන් පවසා තිබුණේ.
ඒ විතරක් නොවෙයි. සාදයට සහභාගි වූ රිකිත් ගේ බිරිය
සුසෑන් තම නිවෙසෙහි පැවැත්වූ සාදයකට ප්‍රියංකාට කිසිදු ආරාධනාවක් කර තිබුණේ නැහැ. කරුණු දන්නා උදවිය ප්‍රකාශ කරන්නේ කරන් ජොහාර් සහ සුසෑන් රෝෂන් මෙලෙස හැසිරෙන්නේ ශාරුක්ගේ බිරිය ගෞරිගේ බලපෑම මත බවයි. සමහරු පවසන්නේ මේ අය අතර ලියලමින් පවතින මේ අමනාපය කොයි මොහොතක හෝ ගිනි කෙළියක් බවට පත්වීමට ඉඩ ඇති බවයි.”
“දැන් මේ අය අතර තියෙන අමනාපකම් කාටවත් රහසක් නෙමෙයි. ප්‍රියංකාත් එක්ක ශාරුක්ගේ හිතවත්කමක් තියෙනවා නම් ඒක ප්‍රසිද්ධියේ පෙන්නන එක ගෞරීට සුදුසු නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගෙදරදී විසඳ ගන්න ඕනෙ. කිළිටි රෙදි ප්‍රසිද්ධියේ හෝදන්න හොඳ නැති බව මේ අයට තේරුම් ගන්න බැරිද? මේ වගේ දේවල් පෞද්ගලිකව විසඳා ගැනීම තමයි නුවණට හුරු.” ‘ප්‍රියංකා විරෝධී පෙරමුණ’ ට උපදෙස් දෙමින් ඔවුන්ගේ හිතවතුන් එලෙස පැවසුවා.
මේ අතර ශාරුක් ද ප්‍රියංකා මඟහරිමින් සිටින බවයි පැවසෙන්නේ.
තමන් සහ ප්‍රියංකා අතර ‘අනවසර’ සබඳකමක් ඇතැයි පැතිර යන ආරංචි නිසා තම විවාහ ජීවිතය දෙදරා යනු ඇතැයි ඔහු බියට පත්වී සිටිනවා. මේ හේතුව නිසා ඔහු ප්‍රියංකා සමඟ වචනයක් හෝ කතා නොකරන්නට වග බලාගෙන තිබෙන බවයි ආරංචි.
No comments:
Post a Comment