රඟපෑවත්, රඟ නොපෑවත් ඇය ගැන කෙරෙන කතා බහ නම් නිමක් නැත. ඓශ්වර්යා රායි බච්චන් මීළඟ සිනමා රංගනය ගැන කතා නොකරන්නේ යළිත් මවක වීමේ කැමැත්තෙන් සිටින නිසා කියා පසුගියදා රාවයක් පැතිරුණි.
අලුත්ම ආරංචියට අනුව ඈෂ් දූ සිඟිත්තිය, ආරධ්‍යා සමඟ ප්‍රංශයේ කාන් සිනමා උළෙලට යාමට සූදානමින් සිටින්නීය. මේ ආරධ්‍යාගේ දෙවැනි විදෙස් ගමනයි. එහිදී ඇයට
ඡායාරූප ශිල්පීන්ගෙන්, කැමරා ශිල්පීන්ගෙන් බේරුමක් ලැබේවිද?
ඈෂ්ගේ මුහුණ කෑන්ස් උළෙලේ සුපුරුදු මුහුණකි.
ඈෂ් මේ ගත කරන්නේ සතුට උතුරා යන කාලයකි. ඈෂ් - අභි යුවළ අප්‍රේල් 20 වැනිදා සැමරුවේ පස් වැනි විවාහ සංවත්සරයයි. ඇය ආරධ්‍යාට පසුගිය දිනක පෝලියෝ එන්නත ලබා දුන්නාය.
No comments:
Post a Comment