සෝභාගෙ මඟුලට සායිෆ් කැපවෙයි


සායිෆ් අලිඛාන් සහ කරීනා කපූර් අතර විවාහ මංගල්‍යය ළඟදීම සිදු කෙරෙන බවට කට කතා කිහිප වතාවක් ම පැතිර ගියා. ඒත් එවැන්නක් තවම සිදුවුණේ නැහැ. අලුත් ම ආරංචියකට අනුව මේ විවාහය 2013 දී සිදු කෙරෙනවාලු. සායිෆ් ගේ නැගණිය, සෝභා අලිඛාන්ගේ විවාහය නම් මේ අවුරුද්දේ දී සිදුවෙන බවයි දැනගන්නට ලැබුණේ.
සෝභා පෙමින් බැඳී සිටින්නේ බොලිවුඩ් නළු කුනාල් ඛේමු සමඟයි. දෙදෙනාගේ ම සමීප හිතවතුන් සහ හිතවතියන් පවසන්නේ 2012 නොවැම්බර් මාසයේදී විවාහ මංගලය උත්සවය පැවැත්වීමට නියමිත බවයි. මේ විවාහ මංගල උත්සවයේ සියලු වගකීම් තමන් භාරගත් බවයි සායිෆ් පවසන්නේ.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals