මහනුවර බාලිකා පාසලේ අනතුරින් මියගිය සිසුවියගේ හොල්මන

මෙම සිදුවීම පිළිබඳ ඉරිදා ලංකාදීප පුවත්පත ඉදිරිපත් කර තිඛෙන ලිපියට අනුව

අලව්ව දුමිරිය අනතුර නිසා හදිසි අනතුරකට ලක්වී පසුගිය වසරේ මිය ගොස් ඇති සිසුවිය මුලින්ම ප්‍රතිකාර ලබා ඇත්තේ පේරාදෙනිය ශික්ෂණ රෝහලේදීය. පසුව ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිඛෙනවා.
 

හදිසි අනතුර නිසා ඇයගේ එක් පාදයකට ද දැඩි ලෙස හානි සිදුවී තිබී ඇත.
පාසලේ සැරිසරනු ලබන බව කියන්නේ මෙලෙස මියගිය සිසුවියගේ අවතාරයයි.
මේ හොල්මන් කථාවෙන් පළාතේ පාසල් සිසු සිසුවියන් පමණක් නොව මවු පියෝ ද තිගැස්සීමකට ලක්ව  සිටින බව මේවන විට වාර්තාවී තිඛෙනවා.

මහනුවර හෙද පාසලේ පුහුණුව ලැබූ නවක හෙදි පිරිසක් පුහුණුවෙන් පසු විසිරයාමේ උත්සවයක් නිසා මේ පාසල් ශාලාව මධ්‍යම රාත්‍රිය වන තෙක් අලංකාර ලෙස සරසා ඇත්තේ උත්සවය පැවැත්වීමට කලින් දිනයේදීය. අලංකාර ලෙස සැරසීමෙන් පසු එක් නවක හෙදියක් ඇය සතු ඩිජිටල් කැමරාවෙන් ශාලාව ඡායාරූපකර තිඛෙනවා.

මේ සේයාරුව ලැබී ඇත්තේ ඒ අනුවය.

ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති මේ අවතාර කතාව බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන්ම දැඩි කතා බහකට ද ලක්ව ඇති නිසා ඒ ගැන විද්‍යාත්මක ගවේෂණයක් කර මේ කථාවේ ඇත්ත කුමක් ද යන්න ගැන සොයා බැලීමට ඉදිරිපත් වූයේ ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.

'මේ ගැන විස්තර දැනගැනීමට මම මුලින්ම බාලිකා විද්‍යාලයට දුරකථනයෙන් කතා කළා. මගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නේ ඒ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරියයි.


අපේ පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකට ලක්වෙල හිටිය සිසුවියක් කාලයකට ඉහතදී මිය ගියා. හෙදියක් ගත්තු ඡායාරූපයක ඔය කියන සිසුවියගේ අවතාරය ඡායාරූපගත වෙල තියෙනවා කියා කියන ආරංචිය මටත් ලැබුණා.


මා මේ කතාවේ ඇත්ත නැත්ත සොයා මධ්‍යම රාත්‍රියේ ඔය ශාලාව ඡායාරූප ගත කිරීමට කටයුතු යෙදුවා. ඒ ඡායාරූප පරීක්ෂා කර බැලූවත් කිසිම අවතාරයක් ඒවායේ තිබුණේ නැහැ.  ඒකයි මට තියන පුදුමය. ඔය කියන විදිහට අවතාරයක් අපේ ඉස්කෝලෙ සැරිසරනවා නම් අපි ගත්තු ඡායාරූපවල හිටියෙ නැත්තේ ඇයි. ඒකයි අපට තියෙන පුදුමය. මේ සිද්ධිය ආරංචිවෙලා ළමයි බයට පත්වෙලා හිටියේ. දැන් ඒ බිය සම්පූර්ණයෙන්ම පහව ගිහින් තිඛෙනවා යැයි ද නියෝජ්‍ය විදුහල්පතිතුමිය මා සමග කීවා


පස්සේ මම මේ ගැන තොරතුරු සොයා බලන්න මහනුවර හෙද පුහුණු පාසලට ගියා. එහි සිටි ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියක් පරිගණකයට ඇතුළත් කරගෙන තිබුණ ඒ ඡායාරූපය මට පෙන්නුවා. මා ඒ ඡායාරූපය ඉතා හොඳට පරීක්ෂාකර බැලූවා. එදා හෙදියක් ගත්තු බව කියන ඡායාරූපයේ පාසල් නිල ඇඳුමකින් සැරසී සිටින සිසුවියගේ දකුණු පාදය නොමැති බව පෙනී ගියා
හෙදිය මුලින්ම ශාලාවේ ඡායාරූපයක් ගෙන තිඛෙන බවත් එය සෙළවී තිබූ නිසා ඊට තප්පර 10කට පමණ පසු තවත් ඡායාරූපයක් ගෙන ඇති බවත් අද්භූත දසුන ඇතුළත් ඡායාරූපය එහි සටහන්ව තිබූ බවත් එහි සිටි හෙද නිලධාරියෙක් කිව්වා.

මේ ඡායාරූප අතර බොහෝ දෙනෙකුගේ නෙත් පැහැරගත් විස්මිත රුවක් සටහන්ව තිබුණා. ඒ කුමක්ද?



 
තනි කකුලකින් ඇවිද යන සිසුවියකගේ අද්භූත ඡායාරූපයකි.

එම ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ කිසිවෙකු ජීවමානව නොදුටු නමුත් ඡායාරූපවලට පමණක් ඇතුළුවූ මේ සිසුවියගේ රුව එම උත්සව ශාලාවේ කණ්ඩායම් ඡායාරූප අතරත් බැල්කනියකදී ලබාගත් ඡායාරූප අතරත් තිබුණ බව පසුව හෙළිවූ අතර මේ සමග දක්වා ඇත්තේ උත්සව ශාලාවෙන් පිටතට යන අවස්ථාවක එම රුව සටහන්ව තිබුණ ආකාරයයි.

මේ හොල්මන් කරන සිසුවිය කවුරුන්ද?

එම සිද්ධිය පිළිබඳ සොයායාමේදී වාර්තා වන්නේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මින් මාස කිහිපයකට පෙර හදිසි අනතුරකට ලක්වූ සිසුවියක පිළිබඳවය. එම විද්‍යාලයේ කැපීපෙනෙන සිසුවියකවූ බව කියන ඇයගේ එක් පාදයක් එම අනතුර නිසා ඉවත්කරන්නට සිදුව තිබුණ බවත් වාර්තා වුණා.

අනතුරින් සති කිහිපයකට පසු ඇය මියගොස් ඇත්තේ පාසලම කම්පාවට පත් කරමිනි.

මෙම සිද්ධිය පිළිබඳ අද රිවිර පුවත්පත සිදු කර තිඛෙන හෙළිදරව්ව පහත පරිදිය.

පුවත්පත් සටහන - බන්දුල දිනපූර්ණ






No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals