සංගාට සති 6 කට ක්‍රිකට් අහිමි වෙයි.


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තෙවන එක්දින ක්‍රිකට් 
තරඟය අතරතුරදී කුමාර් සංගක්කාරගේ දකුණු අතේ ඇඟිල්ලක් අබාධයකට ලක්ව තිබේ. 
මේ නිසා වෛද්‍ය උපදෙස් මත සංගාට සති 4-6ත් අතර කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුව තිබේ.

Ashok Dinda විසින් 15 වැනි ඕවරයේ අවසන් පන්දුව යවමින් සිටි අතර එය පන්දුවට පහරදෙමින් සිටි සංගාගේ අතේ වැදීමෙන් මෙම අනතුර සිදු වුණා. මේ අනතුර සිදුවූවායින් පසුවද ලකුණු 73ක් දක්වා රැස් කර ගැනීමට සංගක්කාර සමත් වුණා.

කෙසේ නමුත් ඔහුට එළඹෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කිරීම අහිමි වනු ඇති බවද පැවසේ. 

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals