ගයේෂාගේ සාර්ථකත්වයට හේතුව පෙම්වතාලු



පසුගියදා පැවැති ආසියානු ශාන්තිකර රූ රැජින තරඟාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් ගයේෂා පෙරේරා සහභාගී වුණා. එම තරඟාවලියේදී කිරුළ ඉන්දියාවේ සුරූපිණියකට හිමි වුවත් ගයේෂාත් —හොඳම පෞර්ෂය— හා —හොඳම ජාතික ඇඳුම— යන දෙයංශයෙන් ජයග්‍රහණ ලබා ගත්තා. මෙවැනි තරඟාවලියක් සඳහා ලංකාවෙන් සහභාගී වූ දෙවන අවස්ථාව මෙයයි.
       ගයේෂාට පෙර —ආසියානු රූ රැජින— නමින් පැවැති  තරඟාවලියක් නියෝජනය කිරීමට වරම් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රූ රැජිණක් ලෙස
කිරුළ පැළඳූ රෝසි සේනානයකයි. ඒ 1983 වසරේදී වන අතර එය ජයග්‍රහණය කිරීමට රෝසි සේනානායක සමත් වී තිබේ. ඉන් පසුව ඇය 1985 වර්ෂයේදී විවාහක රූ රැජින ලෙස කිරුළ පළඳා ඇත. 

ඨ්හැිය් ඡැරුර්
             මේ වසරේ පැවැති ආසියානු ශාන්තිකර රූ රැජින තරඟාවලියට රටවල් 54ක තරඟකාරියන් සහභාගී වී ඇති අතර එයින් අවසන් 15 දෙනා අතරට පැමිŒමට ගයේෂාට හැකියාව ලැබී ඇත. 
             කෙසේ වෙතත් ගයේෂා ජයග්‍රහණය ගැන සතුටට පත්වන අතරේම පුංචි දුකකුත් ඇති බව ගයේෂා පවසනවා. ඇය ඊට හේතුව ලෙස සඳහන් කරන්නේ රූ රැජින තරඟ සඳහා ලංකාවේ තවම ලොකු තැනක්, පිළිගැනීමක් නොමැති බවයි. ක්‍රිකට් ක්‍රීඩාවට රටේ ලොකු පිළිගැනීමක් තිඛෙන බවත් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගිය කෙනෙකුට හොඳ පිළිගැනීමක් තිඛෙන බවත් නමුත් රූ රැජින තරඟයකින් ජයග්‍රහණය කළ කෙනෙකුට එවැනි තත්ත්වයක් නොමැති බවත් ගයේෂා පවසයි.
මේ අතරේ ඇයගේ පෙම්වතා පිළිබඳවද පැවසීමට ඇය අමතක කළේ නැහැ.
ඔහු මගේ පෙම්වතා විතරක් නමෛයි. මගේ කළමනාකරුවා කිවුවත් වැරදි නැහැ. මගෙ පිටුපස ඉඳන් මාව මෙහෙයවන්නේ මාව කළමනාකරණය කරන්නේ ඔහු. මගේ සාර්ථකත්වයට හේතුව මගේ පෙම්වතා.
ඔහු ගායකයෙක් කියල කිවුවොත් වැරදිද...?
(හිනැහි) ගීත කිහිපයක් ගායනා කරල නම් තියෙනව. ඒ අතරින් ඉහළම ජනප්‍රියත්වයක් ලැබූ ගීතයකුත් තියෙනවා. ඒත් වෘත්තීය ගායකයෙක් නම් නමෛයි. 

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals