සදහටම නිහඩ වූ සතිෂ් ගී හඩ


සතිෂ් පෙරේරා
අඩු වයසින්ම මියගියේ ඇයි?

සතිෂ්ගේ පියා වූ ගායක ෂෙල්ටන් මිය ගියේ 49 දීය.
අද අවසන් ගමන් යන ගායක සතිෂ් පෙරේරා මිය ගිය ආකාරය ගැන විවිධ අය නොයෙක් ලෙස කතා කර තිබුණා’
වයස 42 තරම් අඩු වයසකදී මාස 9 ක දරුවකුගේ පියකුව සිටියදී ඔහු මෙලොව හැරගියේ මින් මාස එකහමාරකට පමණ පෙර අනපේක්ෂිතව හඳුනාගත් රෝගයක් නිසාය’
ඒ කුමක්ද?
ඒ ලියුකේමියා රෝගයයි’
ඔහුට මේ රෝගය වැළඳී ඇති බවට වෛද්‍යවරුන් පවසා සිටි මොහොතේ පටන් කම්පනයට පත්වූ ඔහුගේ බිරියත් මවත් හැකි උපරිම ආකාරයෙන් එය සුව කරගන්නට වෙහෙස ගෙන තිබුණා’ පසුගිය මාස එකහමාරේම ඔහු ප්‍රතිකාර ලබමින් නැවතී සිටියේ නාරාහේන්පිට ඕඅසීස් පුද්ගලික රෝහලේය’ විශාල වියදමක් දරමින් ඔහුට ප්‍රතිකාර සිදු කළත් ඔහුගේ තත්වය එන්න එන්නම දරුණුවීම ගැන පවුලේ අය කම්පා වුණා’සතිෂ්ගේ එක් සොයුරියක ගායිකා අනුරාධා පෙරේරාය.
සතිෂ්ගේ මව ඉන්දියානු ජාතික කාන්තාවකි. ඇය සෂි පෙරේරාය.



ඔහුගේ මව මරණය ගැන කියා සිටියේ zඉස්සෙල්ලම පොඩි ගෙඩියක් කකුලෙ උඩට වෙන්න ආවා’ එය ආසාදනයට ලක්වෙල සුව නොවූ නිසයි වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුනේ’ වෛද්‍යවරු කිව්ව ලියුකේමියාව කියල’’අපි හොඳටම බය වුණා’අපි ඉක්මණින්ම රෝහලේ නවත්තල ප්‍රතිකාර කළා’ඒත් දවසින් දවස දුර්වල වෙලා ඒ ආසාදනය සිරුර පුරා පැතිරුණා’

අවසන් දවස් තුන වෙන කොට ඒක පෙනහලූවලටත් ඇවිත් තිබුණ’අයිසීයූ එකේ තමා හිටියෙ’’දිගටම ඔහු හොඳට කතා කළා’ අවසන් මොහොත වෙනකම්ම සුව වෙයි කියල බලාපොරොත්තු තියන් හිටිය’’ඒත් අවාසනාවට එයා අපව දාල ගියා’සතිෂ් මගේ තුන්වෙනි දරුවා’ තව සහෝදරයෙකුයි සහෝදරියො දෙන්නෙකුයි එයාට ඉන්නව’’මේ ගෙදර හිටියෙ එයයි බිරියයි දරුවයි මායි විතරයි’ හැම වෙලාවෙම අම්මෙ අපි ළ`ග ඉන්න අම්මව දාල කොහෙවත් මං යන් නෑ කියල කිව්ව’’ඒත් දෙයියනේ මටත් කලින් එයා ගියා’Z

සතිෂ් පෙරේරා 1969 උපන්නෙකි’ ෂෙල්ටන් පෙරේරා පියාගේ නම තබමින් ගායන ලොවට පිවිස සිටි ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකි’ ඔහුගේ බිරිඳ දිනේශාත් මාස 9 ක් වන අක්ෂිත් පුතාත් දැන් තනිව සිටී’ දිනේශා ඔහු ගැන කියා සිටියේ

zමේ ලෙඩේ හැදිල තියන බව වෛද්‍යවරු දැනගත්තම එයාගෙන් හංගන්නෙ නැතිව ඒක කියන්න කියල උපදෙස් ලැබුණ’අපි ඒක කිව්වම එයා පිළිගත්තෙ නෑ’තව තැනකින් බලමු ඕක නම් වෙන්න බෑ කිව්ව’’ඉස්පිරිතාලෙ ඉන්න කොටත් හිතුවෙ මේ අවුරුද්දට ගෙදර එන්න පුළුවන් කියල’’අපිටත් තේරුනේ ප්‍රතිකාර වලින් සුවයක් ලැඛෙන විදියයි’ඒත් අන්තිමට පෙනහළු වලට බලපාන්න ගත්තම හුස්ම ගන්න අමාරු වුණා’ ඔහු නැති වුණා’’Z




No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals