තමන්ගේ මිල ගැන මාලිංගට ප්‍රශ්නයක්ලු


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලසිත් මාලිංග හට ඉදිරි වර්ෂය (2012/2013) සඳහා ලබා දෙන වාර්ෂික තරඟ මුදල ප්‍රමාණවත් නොමැති බව මාලිංග පවසයි. මේ හේතුවෙන් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර පවතින තරඟ කොන්ත්‍රාත්තුවෙන් මාලිංග ඉවත් වන බවටත් රාවයක් පැතිරුණි. නමුත් මේ සම්බන්ධව එකඟත්වයකට පැමිŒමට ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති අතර අද හෝ හෙට මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි. 


            තරඟ කොන්ත්‍රාත් පදනම යටතේ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් 
කාණ්ඩ ගත කරන අතර එක් ක්‍රීඩකයෙකුට වසරකට ඩොලර් 100,000 හිමිවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ කොන්දේසිවලට අනුව ටෙස්ට් ක්‍රිකට් සඳහා මෙම මුදලින් 60%ක්ද එක්දින ක්‍රිකට් සඳහා 20%ක් ද පන්දුවාර 20යි 20 සඳහා 20%ක් ද ගෙවනු ලබයි. නමුත් මේ වන විට මාලිංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති බැවින් ඔහුට හිමිවන්නේ ඉහත මුදලින් 40% ක් පමණි. 
                40%ක මුදල තමන්ට ප්‍රමාණවත් නොවන බැවින් වාර්ෂික තරඟ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වන බවට මාලිංග පවසා ඇතත් ක්‍රිකට් ආයතනය හා මාලිංග අතර අද හෝ හෙට පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාව මඟින් එළඹිය හැකි එකඟත්වයකට අදාළ මුදලක් හෝ වාර්ෂික කොන්ත්‍රාත්තුවක් වෙනුවට තරඟාවලියෙන් තරඟවලියට බලපාන කොන්ත්‍රාත් ක්‍රමයකට ශ්‍රී ලංකා කණ්ඩායමට මාලිංගගේ සේවය ලබා ගැනීමට හැකියාව ඇත. 
      මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග පවසන්නේ එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන් විශේෂයක් කරන්න අපහසු වුවත් ඇහුම්කන්දෙන්න සූදානම් බවයි      
අලූත් තරග කොන්ත්‍රාත් ගැන තීරණයකට එන්න තව කල් තිඛෙනවා. මේ දක්‌වා මාලිංග අපට නිලවශයෙන් යමක්‌ ප්‍රකාශ කර නැහැ. අපිට එක්‌ ක්‍රීඩකයෙක්‌ වෙනුවෙන් විශේෂයක්‌ කරන්න අමාරුයි. ඒත් අපි ඇහුම්කන් දෙන්න සූදානම්
මේ දිනවල පැවැත්වෙන අයි පී එල් තරඟාවලියට සහභාගී වී සිටින මාලිංග මේ වන විට අබාධයකට ලක් වී ප්‍රතිකාර ලබා ගැනීමට ලංකාවට පැමිණ තිබේ. ඔහු ප්‍රතිකාර ලබන්නේ  ක්‍රිකට් ආයතනයේ භෞත චිකිත්සකවරයා යටතේය. සති දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ගැනීමෙන් පසු ඔහු නැවැත අයි පී එල් තරඟාවලියට සහභාගී වෙයි. මෙම තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිළ වෙනුවෙන් මාලිංග ක්‍රීඩා කරන්නේ ඩොලර් මිලියන 1.1ක ගිවිසුමකට යටත්වය.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals