ජයටම මඟුල් කන්නයි ලැහැස්ති


ප්‍රවීණ නිළි, හේමා මාලිනීගේ දියණිය, ඊෂා ඩියොල් වත්මන් බොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළියක්. ව්‍යාපාරිකයෙකු වන භාරත් ටක්ටානි සමඟ ඇය පසුගිය දා විවාහ ගිවිස ගත්තා. ඒ අවස්ථාව ඉතාමත් සරල ආකාරයෙන් පැවැත්වුණා. ඊට සහභාගි වී සිටියේ සමීප නෑ හිතවතුන් කිහිප දෙනෙකු විතරයි.

විවාහ ගිවිස ගැනීමෙන් පස්සෙ කවුරුත් දැන් බලා සිටින්නේ භාරත් සහ ඊෂාගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ කවදාද යන්න දැනගන්න. නමුත් ඊෂාගේ මව පවසන්නේ තවමත් ඊට දිනයක් යොදාගෙන නැති බවයි. කොහොම වෙතත් සමහරු ප්‍රකාශ කර ඇත්තේ මංගල උත්සවය ලබන ජූලි මාසයේ දී පැවැත්වෙන්නට ඉඩ ඇති බවයි.


”අපි තාම වෙඩින් එක තියෙන දවස තීරණය කරලා නැහැ. සමහර පත්තර කියල තියෙනවා ඊෂාගෙ වෙඩින් එක මැයි, ජූලි මාස අතරේදී පැවැත්වෙනවා කියලා. ඔය විදිහට ආරංචි පැතිරුණත් ඊෂාගෙ වෙඩින් එක තියෙන්නෙ කවදද කියල අපි නිල වශයෙන්ම කියනවා.” හේමා මාලිනී පැවසුවා.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals