පාටි දාන්න ගෙයක් හොයයි


බිපාෂා බාසු දැන් පදිංචිව සිටින්නේ තට්ටු නිවාස සංකීර්ණයකයි. මේ නිවෙසට වඩා වැඩි ඉඩකඩක් ඇති නිවසක් දැන් ඇයට අවශ්‍ය වෙලා. ඒ ස්ථිර පදිංචියටම නොවෙයි. මිතුරු මිතුරියන් වෙනුවෙන් පවත්වන සාදවලටයි. බිපාෂා පවසන්නේ ඒ නිවෙස අඩු තරමේ වර්ග අඩි 6000ක ඉඩකඩක් ඇති නිවෙසක් විය යුතු බවයි.

”දැනට මම පදිංචි වෙලා ඉන්න ගෙදර පාටි දාන්න ඉඩ නැහැ. සති අන්තයේ දී මම යාළුවන්ට කතාකරන්නෙ කුස්සියේ ඉවුම් පිහුම් වැඩවල යෙදිල ඉන්න ගමන්මයි. සාමාන්‍යයෙන් මට යාළුවො 40ක් විතර ඉන්නවා. ඒ අය මගේ ගෙදර ආවාම මම කුස්සියට ගියොත් මට දැනෙන්නෙ මම සර්වන්ට් කෙනෙක් වගේ හැඟීමක්.


ඒක නිසා මට ඕනෙ යාළුවො ඉස්සරහදිම උයන පිහින කටයුතුවල යෙදෙන්න. ලොකු ගෙයක් ගත්තාම මගේ අදහස් ඉටුවේවි. ලොකු කුස්සියක් වගේම හොඳ ස්විමින් ෆූල් එකකුත් තියෙන ගෙයක් තමයි මම දැන් හොයන්නෙ. ඒ විතරක් නෙමෙයි, ඒ ගෙදර ලොකු කාමරත්, ලොකු බාත්රූම් එකකුත් තියෙන්න ඕනෙ.”
බිපාෂා තමන් සොයන අලුත් නිවෙසේ වගතුග කීවා. මෙවැනි නිවෙසක් මිලදී ගත්තත් තමන් දැනට පදිංචි නිවෙස විකුණා දැමීමට කිසිදු අදහසක් නැතැයි ද ඇය පැවසුවා.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals