ලබන 31 වෙනිදා පබෝදාගේ වෙඩින් එකේ රහස පිටවෙයි


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි පබෝදා සන්දීපනීගේ විවාහ උත්සවය හරියටම තව සති හතරකින් ලබන 31 වනදා පවත්වන්නට නියමිත බව මල්වැස්ස වෙත වාර්තා වෙනවා’
මෙපමණ දිනක් රහසක් වශයෙන් තබාගෙන තිබුණ මේ විවාහ උත්සවය ගැන ඇය කිසිදු මාධ්‍යයකට තවම හෙළි කර නැති අතර අවසන් මොහොත දක්වාම එය රහසක් වශයෙන් 
තබාගන්නට ඇය උත්සාහ කර තිබුණා.


ප්‍රවීණ නිළි ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය වන පබෝදා කුඩා කාලයේ zඔෂින්Z ගේ චරිතයට හ~ කවමින් රූපවාහිනියට සම්බන්ධ වූ අතර අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍යයෙන් හා බහුබූතයෝ චිත්‍රපටයෙන් රංගන ක්ෂේත්‍රයට ඇතුළු වූවාය’
ඇයගේ විවාහය ගැන පසුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණ අතර අවසානයේ ඇය තීරණය කර තිඛෙන්නේ ලබන 31 වනදා විවාහ වන්නටය’ කලා ක්ෂේත්‍රයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ තරු පහේ හෝටලයක මෙම විවාහය පවත්වන්නට නියමිතය’ 

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals