නාරද මට ගොඩාක් ආදරෙයි කියලා මම දන්නවා - දිනූෂි , එයා හරිම අහිංසකයි. නපුරු නෑ - නාරද


නාරද මට ගොඩාක් ආදරෙයි                                                        එයා හරිම අහිංසකයි. නපුරු නෑ
    කියලා මම දන්නවා                                                                            නාරද
           දිනූෂි                                                                                                         



ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන නාරද බක්මීවැව පසුගියදා විවාහ ගිවිස ගත්තා. රාගම වෛද්‍ය විද්‍යාලයේ කථීකාචාර්යවරියක් ලෙසට සේවය කරන දිනූෂි අතපත්තු සමඟයි ඔහු විවාහ ගිවිස ගත්තේ. වසර දහයක් පමණ පැවැති මිත්‍රත්වයකින් පසුව මීට වසර එක හමාරකට පමණ පෙර ආරම්භ වුණු ආදරයක 
ප්‍රතිපලයක් ලෙසයි ඔවුන්ගේ මෙම විවාහ ගැනීම සිද්ධ වුණේ. නාරද පිළිබඳව දිනූෂි පුවත්පතකට පැවසූ අදහසුයි මේ.
මම දිනූෂි අතපත්තු. තාත්තා ආචාර්ය ඇන්ටන් අතපත්තු. මීට වසර දොළහකට ප්‍රථමයෙන් මිය ගියා. තාත්තා ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විදියට සේවය කළ කෙනෙක්. මගේ අම්මා ගෘහණියක්. ඇය ෂෙරීන් අතපත්තු. පවුලේ එකම දරුවා මම. ඉගෙන ගත්තේ කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ. මූලික උපාධිය ඉන්දියාවෙන්. ශාස්ත්‍රපති උපාධිය එංගලන්තයෙදිත් ලබාගෙන ලංකාවට ඇවිත් රාගම වෛද්‍ය පීඨයේ කථීකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. ඊට අමතරව විශේෂ කථන චිකිත්සක පිළිබඳ වෛද්‍ය වෘත්තිකයෙක් විදියට සේවය කරන්වා. 
නාරදව හඳුනා ගත්තේ?


මීට අවුරුදු දහයකට විතර කලින් අපේ පාසලේ දේශනයකට එයා සම්බන්ධ වුණා. එතැනදි තමයි අපි එකිනෙකාව හඳුනා ගත්තේ. ඒ වෙනකොට මම නාරදව රූපවාහිනි වැඩසටහන්වලින් දැකලා තිබුණා. ඒ ආශ්‍රය යාළුකම තමයි මීට වසර එක හමාරකට කලින් ආදරයකට මඟ පෑදුවේ. 

මනමාලියක් විදියට පෝරු මස්තකයට නගින්න නාරද ඔහු සුදුසුයි කියලා ඔබට හිතුනේ?
අපි දෙන්නාගේ දීර්ඝ කාලීන අශ්‍රය තමයි මට එයාව විශේෂ කෙනෙක් කළේ. අනික මගේ හොඳම යාලුවගේ සෑම හැඟීමක්ම මට ආශ්‍රය කරලා දැනගන්න ලැබුණා. එයා ලඟ තිබුණ නිහතමානී මනුස්සකමට මම ආදරෙයි. 
නාරද කියන්නේ ජනප්‍රිය පුද්ගලයෙක්. ඒ ජනප්‍රියත්වයත් විවාහයට හේතුවක් වුණාද?
අනෙක් අයට නාරදගේ වෘත්තිය විශේෂ වුණාට මට එයාගේ ජනප්‍රියත්වය විශේෂ දෙයක් නෙවෙයි. මම නිතරම දකින්නේ ජනප්‍රිය නාරදව නෙවෙයි. නාරදගෙන් නාරදව දකිනවා. 
ගැහැණු ළමයි නාරදට ආදරය කරද්දි ඊර්ෂ්‍යයා හිතෙන්නේ නැද්ද?
මම ආසයි එයාට ප්‍රතිචාර ලැඛෙනවානම්. ඒ ගැහැණු ළමයිද පිරිමි ළමයිද කියලා නැහැ. වයස් භේදයක් නැතුව මිනිස්සු එයාට ආදරය කරඳේ එයා තුළ තියෙන දක්ෂතාවයටයි. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් නොවෙයි. 
ජනප්‍රිය පුද්ගලයන්ගේ විවාහ ජීවිත බොහෝ දුරට දෙකඩ වෙනවා. එවැනි පසුබිමක් තිබියදි නාරදව විවාහ කරගන්න ඔබට බියක් ඇති වුණේ නැද්ද?
ජනප්‍රිය පුද්ගලයින් අතරින් හා කලාකරුවන් අතරින් නාරද වෙනස් කෙනෙක්. ඒ වෙනසට හා ජීවිතය ගැන තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නිසා මට එයාව විශ්වාසයි. හිත් නොරිදා ප්‍රශ්න වුණත් විසඳගන්න දන්නවා. විශේෂයෙන්ම පුද්ගලික ජීවිතය එක්ක වෘත්තීය ජීවිතය පටලවා ගන්නේ නැහැ. එයාට මාව ආරක්ෂා කරගන්න දන්න නිසා මම විශ්වාස කරනවා නාරද මට විතරයි ආදරේ කියලා. 
දිනූෂී මෙසේ අදහස් දක්වන අතරේ නාරදත් දිනූෂි පිළිබඳව සඳහන් කර තිබුණා.
ක්ෂේත්‍ර දෙකක නියෝජනයක්. පවුල් ජීවිතයට ඒක ගැටළුවක් වෙන්නේ නැත්ද?
මම හිතනවා ඒක ජීවිතයට පහසුවක් වගේම වෙනසක් කියලා. මම කලා ක්ෂේත්‍රයේ. එයා කථන චිකිත්සක පිළිබඳ වෛද්‍ය වෘත්තිකයෙක් වගේම කථිකාචාර්යවරියක්. ක්ෂේත්‍ර දෙකක වැඩ කරනකොට අත්දැකීම් වුණත් වැඩියෙන් ලබාගන්න පුළුවන්. හුඟක් අය පවුල් පසුබිමත් එක්ක එකම වෘත්තිකයන් හොයනවා විවාහ වෙන්න. එයාගේ දෙමව්පියෝ එහෙම හෙව්වද දන්නෙ නැහැ. නමුත් අපිට එකතුවෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. ජීවිතය ඒකාකාරී නොවේවි. 

 නාරදගේ ජීවිතයට සම්බන්ධ වුණ දිනූෂි මොන වගේ කෙනෙක්ද?
ක්ෂේත්‍ර දෙකක් නියෝජනය කළත් අපේ වෘත්තීන් ගැන අපි ගැන තේරුම් ගන්න පුළුවන් මනසක් ඇයට හිමියි. යම් කිසි දෙයක් තේරුම් කරල දුන්නොත් එයාට ඒ ගැන තේරුම් ගන්න පුළුවන්. මාව හොඳට බලා ගන්නවා. මට ආදරය කරනවා. හරිම අහිංසකයි. නපුරු නැහැ. මම වගේම විහිළු තහළු කරලා ජීවත් වෙන්න උත්සහ කරනවා වගේම ජීවිතය ගැනම හොඳ දැනුමක් තියෙන කෙනෙක් තමයි දිනූෂි කියන්නේ. 
දිනූෂිව මුණ ගැසුනු කාලෙදිම ආදරය කරන්න විවාහ වෙන්න තිබුණා කියලා දැන් හිතෙන්නෙ නැද්ද?
කාලය තමයි හැම දෙයකටම විසඳුම් ලබා දෙන්නේ. මට සුදුසු කෙනා කලින් මුණ ගැහුණට එයාව මටම සුදුසුයි කියලා තේරුම් ගත්තේ ආශ්‍රය කිරීමෙන් පසුවයි. එයාගේ අධ්‍යාපන කටයුතු නිසා සෑහෙන කාලයක් ලංකාවේ හිටියෙත් නෑ. සමහරවිට ඒ දේවල් එක්ක වෙන්න ඇති අපි ආදරවන්තයින් නොවෙන්න ඇත්තේ. නමුත් එහෙම පසුතැවීමක් නෑ. 
ඔබ දෙදෙනා ආගම් දෙකක නේද?
ඔව්. මම බෞද්ධ. එයා කතෝලික. ඒත් ආගම අපේ සම්බන්ධෙට බාධාවක් නොවෙයි. මේ ආගම්වල සංස්කෘතික විවිධත්වය විඳින්න පුළුවන් වෙයි. ඒ වගේම විවාහ උත්සවය වුණත් පවත්වන්නේ ආගම් දෙකට අනුවයි. 

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals