කාවිංග විහිළුවටනම් කියනවා අපි බඳිමු මචං කියලා....

කාවිංග විහිළුවටනම් කියනවා අපි බඳිමු මචං කියලා...
මං වගේ කෙනෙක් කසාද බැඳලා අමාරුවෙ වැටෙන්න එයා කැමති නෑ - ශලනි තාරකා

ශලනි තාරකා රඟපාන බොහෝ ටෙලිනාට්‍යවල ශලනිගේ පෙම්වතා ලෙස රඟපාන්නේ කාවිංග පෙරේරා. මේ නිසා ඔවුන් දෙදෙනා පිළිබඳව කටකතාත් ගොඩ නැගිලා තියෙනවා. කාවිංග සමඟ රඟපාන්න ලේසියි කියලයි ශලනි කියන්නේ. ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ
සති අන්ත රිවිර පුවත්පතටයි...


පුංචි තිරයෙදි නිතරම ශලනිගෙ පෙම්වතා වෙන්නේ කාවිංග නේද?


මුලින්ම අපි මුණ ගැහුණේ අපි අපි වගේ ටෙලිනාට්‍යයේදී..ඊට පස්සේ නිර්මාණ කීපයකම අපි පෙම්වතුන් වුණාට ඒ හැම චරිතයක්ම සාර්ථක කර ගන්න කාවිංග මට ගොඩක් උදව් කළා. කැමරාව ඉස්සරහට යන්න කලින් මාව පැත්තකට ඇදගෙන ගිහින් රඟපාලා බලමු කියනවා. ඒ නිසා කාවිංග එක්ක වැඩ කරන්න හරිම ලේසියි..

එක දිගට එකට රඟපානකොට කටකතා එහෙමත් හැදෙනවා නේද?
පළමු ටෙලෙනාට්‍යයේදිම අපිට කටකතා හැදුනා. සමහර අය කිව්ව අපි ගැළපෙන ජෝඩුවක් කියලා.

කාවිංගගෙන් ඇත්තටම ශලනිට ප්‍රේමයට යෝජනවක් ආවොත්?
කාවිංග විහිළුවටනම් කියනවා අපි බඳිමු මචං කියලා. මං වගේ කෙනෙක් එයා විවාහ කරගෙන අමාරුවේ වැටෙන්න කැමති වෙයි කියලා මම හිතන්නේ නෑ. මොකද මම වදක භාර්යාවක් වෙයි.. ඒ නිසා මම හිතන්නේ නෑ එහෙම යෝජනවක් ගෙනේවි කියලා.. අපි හැමදාම හොඳ යාලුවො විතරයි.

විවාහය ගැන තවම හිතලා නැද්ද?
තවම මගේ වයස අවුරුදු 22යි.. තව අවුරුදු තුනක් විතර තියෙනවා විවාහ වෙන්න.

හොයන කෙනා කොයි වගේ කෙනෙක්ද?
හැඩරුව ගත්තොත් එයා හොඳ උස මහත කෙනෙක් වෙන්න ඕන.. කැත වුණාට කමක් නෑ. ගතිගුණ අතින් ගත්තොත් මාව තේරුම් ගන්න පුළුවන් මට ආදරය කරන කෙනෙක් වෙන්න ඕන..බොරුව මට පෙන්නන්න බැහැ.. උගත් කමත් ජීවත්වෙන්න පුළුවන් පසුබිමත් තිබුණොත් මට ඒ ඇති.
විවාහයෙන් පස්සේ කලාවට සමුදෙනවා
විවාහ වුණාට පස්සේ පවුල් ජීවිතයට මුල් තැන දෙන්න ඕන.. ඒ නිසා මම හැම කලා කටයුත්තකටම සමුදෙනවා. නැත්නම් ඒ මත්තේ හිටියොත් කලා ක්ෂේත්‍රයේ බොහෝ අය දික්කසාද වෙනවා වගේ වෙයි.. ඒ නිසා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඒ දේ කැප කරනවා.
සම්බන්ධිත ලිපි
ඔබ කලුද උසද එසේනම් මෙන්න අවස්ථාවක්

No comments:

Forex-Trading-Signals.info - Forex Trading Signals