මේ අවුරුද්දෙ අන්තිමට අපේ විවාහ උත්සවය ගන්නවා



චතුරිකායි රොෂානුයි විවාහ ගිවිසගෙන මේ වන විට කාලයක් ගත වුණත් තවමත් දෙදෙනාම ජීවත් වන්නේ වෙන වෙනමයි.  නමුත් මේ වසර අන්තිමට දෙදෙනාගේ මංගල උත්සවයක් පවත්වා එකම වහලක් යටට ඒමට කටයුතු කරමින් සිටින බව පැවසෙනවා. ඒ සම්බන්ධව චතුරිකා හා රොෂාන්
රන්දිව පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙසේය.

චතුරිකාගේ ප්‍රකාශය



අපි විවාහවෙලා දැන් ටික කාලයක් වෙනවා. අපි තාමත් වෙන වෙනම ජීවත් වෙන්නේ කැන්දන් යාමේ මංගල උත්සවය කියන සාම්ප්‍රදායික උත්සවය ගන්නකල්.. මේ අවුරුද්දේ අන්තිමට ඒ උත්සවයත් ගන්නවා.....
           කොහොමත් අපේ බලාපොරොත්තුව මේ අවුරුද්දේ අන්තිමට විවාහ උත්සවය අරන් වෙනමම පදිංචි වෙන්න... අපේ ඒ මාලිගාවේ වැඩ කටයුතු බොහොමයක් දැන් ඉවරයි.....
රොෂාන්ගේ ප්‍රකාශය
චතුරිකාගේ ආසාවක් තියෙනවා විවාහ උත්සවයක් අරගෙනම අපේ එකතුවීම සිදු කරන්න..ඒත් මගේ වැඩි කැමැත්ත ගේ හදපු ඉක්මනට පදිංචි වෙන්න.. මම වැඩිය ඔය පුහු දේවලට කැමති කෙනෙක් නෙවෙයි...
මේ අවුරුද්දේ අවසානයේ මංගල උත්සවය තියෙනවා.. චතුරිකාත් ඒ දේ ඉක්මනට වෙනවට බොහොම  කැමතියි... ඒ මොකද කිව්වොත් අපි ගොඩක් ආදරය කරන නිසා...

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals