කට කතා බොරු කරමින් අතුල - අමායා රහස හෙළි කරයි




ගායක අතුල අධිකාරිගේ හා නිරූපණ ශිල්පිණියක වන අමායාගේ පෙම් කතාව විවාහයකින් කෙළවර වී ඇති බව වාර්තා වනවා.  පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා එක්ව ගත් ඡායාරූප අන්තර් ජාලයේ සැරිසරනු ලැබුවා. නමුත් ඔවුන් විවාහ වූ බව කවුරුත් නොදැන සිටි අතර ප්‍රථමවරට ඔවුන්ගේ මේ රහස
සති අන්ත පුවත්පතකට හෙළි කර තිඛෙනවා.



අමායා ආදරය ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ආදරය හරි පිවිතුරු දෙයක්......මගේ ආදරය දැන් විවාහයකින් කෙළවර වී හමාරයි...

ඒ කිව්වේ ඔයා විවාහකද?
ඔව්..... මම අතුල අධිකාරිගෙ බිරිඳ.......අපි විවාහ වුණේ 2010 අවුරුද්දේ මුල් භාගෙදි.....

ජනප්‍රිය මිනිස්සුන්ට හැදෙන කටකතා ගැන අමායා මොකද හිතන්නේ?
අනේ......... මම බොහොම කනගාටුවෙන් තමයි ඔය ගැන කතා කරන්නේ..... ඒ මොකද කියලා නම් මගෙන් අහන්න එපා........

ඔයා කටකතාවලට බයද?
අනේ නැහැ... මගෙයි අතුල අයියාගෙයි ආදරයට හුඟක් කටකතා හැදුනා...... අපි ඒ හැමදේටම පිළිතුරක් වශයෙන් තමයි විවාහ වුණේ...

මොනවද ඔයාට රසිකයින්ට කියන්න තියෙන්නේ?
ඔව්. මට ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන් කියන්න ඕනේ අතුලයි මමයි අතර තිබුණු ආදරය විවාහයකින් අවසන් වුණු බව....
           ඔවුන් දෙදෙනාගේ ආදරයට විවිධ කටකතා හැදුණු අතර අතුල නම් ප්‍රකාශ කරන්නේ ඔහු එම කට කතා එතරම් ගණන් නොගන්නා බවයි. කෙසේ වෙතත් ඔවුන් දෙපළගේ කැදැල්ලට ලඟදීම අලුත් අමුත්තෙකුත් එකතුවීමට නියමිත බවයි පැවසෙන්නේ.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals