මම නර්තන ශිල්පියෙක් නෙවෙයි නමුත් අභියෝගය බාර ගත්තා- සනත් ජයසූරිය




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවකු මෙන්ම ක්‍රිකට් නායකයකු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සනත් ජයසූරිය ඉන්දියාවේ පවත්වනු ලබන ප්‍රකට ප්‍රාසාංගික වැඩසටහනක් වන —ජලක් දික්ලා ජා— වැඩසටහන සඳහා සහභාගී වන අතර සනත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු
මාධ්‍යටද අදහස් දක්වා තිබුණා. තමන් නර්තන ශිල්පියෙක් නොවුණත් නර්තනයට කැමති බව එහිදී ප්‍රකාශ කර තිබුණා.



          මම නර්තන ශිල්පියෙක් නොවෙයි.. ඒකයි ප්‍රශ්නෙ.. ඒත් මම ඩාන්ස් වලට කැමතියි.. මේ වැඩසටහනට ආරාධනා කළාම දෙපාරක් සිතා බලා අභියෝගය භාර ගන්නවා කියලා හිතුවා... මොකද? මේක ක්‍රිකට්වලට වඩා වෙනස් දෙයක් නිසා..

                   ක්‍රිකට් ගැන හිතනකොට මට කැමති ක්‍රිකට්ලෝලීන් ගොඩක් ඉන්නවා ඉන්දියවේ. ඒ නිසා මේ ෂෝ එක බලලා මට සපෝට් කරයි කියලා හිතනවා...
            මේ වැඩසටහන සඳහා ඔහුට නර්තනය පුහුණු කරවන සුචිත්‍රා නම් ගුරුවරිය 42 වැනි වියෙහි පසුවන සනත්ට නර්තනය ඉගැන්වීමට මහත් වෙහෙසක් දරන බවද වාර්තා වනවා....
           සනත් හොඳට ඇහුම්කන් දෙන කෙනෙක්.. මේ දේ කරන්න බෑ කියලා කියන්නේ නෑ..... පුහුණුවීම් කටයුතු මහන්සිවෙලා කරනවා.
සනත්ගේ නර්තන ගුරුවරිය සනත් පිළිබඳව එසේ පවසයි...
සනත් නර්තනයේ යෙදෙන ඡායාරූප පහතින්


No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals