Facebook පෙම්වතිය සමග සිටි බීමත් සිසුන් තිදෙනා මොරටු හෝටලයේදී මාට්ටු



පසුගිය සතියේ ලැබුණ ඔත්තුවක් මත මොරටුව ප්‍රදේශයේ හෝටලයක් වැටලු පොලිසියට එහි කාමරයක සිටි පාසල් සිසුන් තිදෙනෙකු හා සිසුවියක අත්අඩංගුවට ගන්නට හැකි වුණා.
පොලිසිය කාමරයට ඇතුළුවන අවස්ථාවේ කාමරයේ ඇතුළත නාන කාමරයක සිසුවිය 
ස්නානය කරමින් සිටි අතර සිසුන් තිදෙනා ඇඳේ වාඩිවී මත්පැන් පානය කරමින් සිට තිඛෙනවා.



මොවුන් නිවෙස් වලට කියා ඇත්තේ ටියුෂන් පන්තියේ ළමයි සමග දුර බැහැර විනෝද චාරිකාවක් යන බවකි. මත්පැන් හා කාමර කුලී සඳහා ඔවුන් දෙමාපියන්ගෙන් මුදල් සොයාගෙන ඇත්තේ ටියුෂන් ගාස්තු ගෙවීමට ඇති බවට බොරු කියමිනි.

පොලිසියට හසුවූ සිසුවිය මෙම සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ පෙම්වතියක ලෙස හඳුන්වා තිබුණ අතර ඔවුන් මුණ ගැසී ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවියේ චැට් කිරීමකින් බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා.

මොවුන් තවමත් සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන්නන්ය.

අත්අඩංගුවට පත් සිසුන් තිදෙනා හා සිසුවිය මොරටුව පොලිසියට රැගෙන යාමෙන් අනතුරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක නූර්දීන් මහතා ඔවුනගේ දෙමාපියන්වද පොලිසියට කැඳවූ අතර මේ ආකාරයේ හැසිරීම් නැවත නොකරන්නට අවවාද කර ඔවුන් පිටත් කර යවා තිබුණා. 

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals