ඉනිම මැද දී එල්ල වූ පීඩනය දරාගන්න බැරි වුණා ඒකයි වුනේ


ඉනිම මැද දී එල්ල වූ පීඩනය දරාගන්න බැරි වුණා
ඒකයි වුනේ     - මහේල කතා කරයි




20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගිලිහීයාම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නායක මහේල අදහස් දක්වමින් කියා සිටියේ අවශ්‍යම උඩපන්දුවක් ගිලිහී යැම සහ ඉනිම මැද ක්‍රියාත්මක වුණු පන්දුවාර 3 කදී ප්‍රතිවාදීන් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස්කර ගැනීම මෙම පරාජයට ප්‍රධානම හේතුව වූ බවයි.


ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මේ ගැන විස්තර කරමින් 
කියා සිටියේ මෙසේය.

zමං හිතන්නේ අපි තරගයේ 12 වැනි ඕවරය වෙන තෙක් හොඳට සෙල්ලම් කළා. එහිදී  උඩපන්දුවක් අපේ අතින් ගිලිහී ගියා. ඒ වගේම ඔවුන් ඊළ`ග පන්දුවාර 3 දී ගොඩක් හොඳට සෙල්ලම් කළා. එතැනින් වැටිච්ච පීඩනයෙන් අපිට ගොඩ ඒමට නොහැකි වීම තමයි මං හිතන විදියට මේ තරගය පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව. 
ඒ අවස්ථාවෙන් පස්සේ අජන්ත ඇවිල්ලා හොඳ ඕවරයක් යෑව්වා. එහිදී කඩුලු 2 ක් දවා ගෙන අපි නැවතත් තරගයට ආවා. නමුත් ඒ වැඩිවෙච්ච ලකුණු 20-30 තමයි මේ තරගය පරාජයට පත්වීමේ වෙනස ඇති කළේ. කොදෙව් ඉනිම ලකුණු 110-120 ක අගයකට සීමා කර ගැනීමට අවස්ථාව තිබණ නම් හොඳ තරගයක් දීමට අවස්ථාව තිබ්බා.

මේ පරාජයට ඇත්තටම එකම හේතුවක් කියලා කියන්න අමාරුයි. මං හිතන්නේ ඒ ගැන අපි ටිකක් හිතන්න ඕන දෙයක්. අපි තරගාවලිය පුරාම හොඳට සෙල්ලම් කළත් අවසන් තරගයේදී අසාර්ථක වෙනවා. ඉස්සෙල්ල සහභාගි වුණු අවසන් මහ තරගවලදී අපි එතරම් හොඳ ආරම්භයක් ලබා ගත්තෙ නැහැ. නමුත් මේ තරගයේදි ගොඩක් හොඳ ආරම්භයක් ලබා ගත්තා. 

පීඩනයක් එල්ල වෙච්ච වෙලාවේ අපි ඒ තරම් ඒ දේවල් හොඳින් හසුරුව ගත්තෙ නැහැ. ඒ සියලු වැරැදි වුණාම අවසාන මහ තරග වගේ ලොකු තරග අප අතින් ගිලිහිලා තියෙනවා. මං හිතන්නේ ඒ දේම තමයි අපිට මේ තරගයෙදිත් සිදුවුණේ

මාලිංගට දිගටම පන්දු යවන්න දුන්න එක ගැන සමහරු අහනව.මං හිතුවේ මාලිංග හරහා කඩුල්ලක් දවා ගන්න ඒ වෙලාවෙ අවස්ථාව තියෙයි කියලා. නුවර පැවැති තරගයේදී මාලිංගගේ පන්දු හමුවේ මාලන් සැමුවෙල්ස් එතරම් හොඳට සෙල්ලම් කළේ නැති නිසයි මම ඒ වෙලාවෙ ඔහුව පන්දු යෑවීමට යොමු කළේ. ඒ ගැනත් හිතලා තමයි ඒ වෙලාවේ මාලිංගට මම පන්දුව ලබා දුන්නේ

තරගයට පිවිසියේ අධි තක්සේරුවකින් කියලා මං හිතන්නේ නැහැ. මොකද අපි හොඳ මානසිකත්වයකින් මේ තරගය පටන් ගත්තේ. කලිනුත් කිව්වා වගේ පීඩනයක් එල්ල වුණු මැද අවස්ථාවේදී අපිට ඒ දේ පාලනය කරගන්න බැරි වුණා. අපි අතරින් ලකුණු 20-30 ක් විතර වැඩිපුර ගියා.

කොදෙව් අන්තිම පන්දුවාර 8 දී ඔවුන් ලකුණු 90 ක් ලබා ගත්තා. එය ඔවුන්ට හොඳ ගැම්මක් වුණා. ඔවුන්ට ඒ දේ පවත්වාගෙන යැම සඳහා විශ්වාසයක් තිබුණා. අපිත් අපේ උපරිමයෙන් කළා. අපේ පන්දු යවන්නන් ඔවුන්ගේ උපරිමයෙන්ම යුතුකකම් ඉටු කළා. ඒ අංශයෙන් අපි සෑහෙන තරම් ඉදිරියෙන් සිටියා. එහෙත් ඒ වගේ දෙයක් පවත්වාගෙන යන්න අපේ පිතිකරණයට නොහැකි වුණා. සමස්තයක් හැටියට ඔවුන් මේ තරගයේදී අපි කළාට වඩා හොඳින් තරගයට ක්‍රීඩා කළාZ 


No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals