රංගනයට දක්ෂ යොවුන් නළුවා

උදාර නිර්මාල්

මේ දිනවල සිරස රූපවාහිනියෙන් විකාශනය වන ‘පොප් කෝන්’, ‘හෝම් මූවි’, ‘ඉරණම්කාරි’, ‘විදර්ශනා’ වැනි ටෙලිනාට්‍ය ගණනාවක් හරහා අප නෙතු ගැටෙන මේ දක්ෂ යොවුන් නළුවා උදාර නිර්මාල් රණසිංහයි. උදාර නිර්මාල් වෘත්තියෙන් ආයුර්වේද පාරම්පරික වෛද්‍යවරයෙක්. මාතලේ වේරගම ගම්පියසේ හැදී වැඩුණු නිර්මාල් අධ්‍යාපනය ලැබුවේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ යි.

‘සිරස ටී.වී. ආයතනයේ අරුණ ජයවර්ධනගේ මඟ පෙන්වීම මත ඔහු නිර්මාණය කළ ටෙලිනාට්‍ය කිහිපයකටම දායක වන්නට මට අවස්ථාව ලැබුණා. මේ වනවිට ටෙලිනාට්‍ය ගණනාවකම සැලකිය යුතු අන්දමේ චරිත ගණනාවකටම රංගනයෙන් දායක වී තිබෙනවා. නිහාල් ප්‍රනාන්දු ගේ ‘බොරදිය කඳුළ’ ටෙලිනාට්‍යයේ වැදි චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා.
ඒත් සමඟම වේදිකා නාට්‍ය කීපයකටත් මේ දිනවල සම්බන්ධ වී කටයුතු කරනවා. සංජුල දිවාරත්නගේ ‘කල්පා ලෝ විනාසය’ වේදිකා නාට්‍යයේ ‘විද්‍යාරාජ’ චරිතයට පණ පොවන්නේ මම.
ඒ වගේම චිත්‍රපටවල රඟපෑමට ද ආරාධනා ලැබී තිබෙනවා. ලබන මාසෙ මැද වනවිට ‘බාඳුරා’ චිත්‍රපටයේ රඟපෑමට මම සූදානම් වෙනවා. එහි දුෂ්ට චරිතය රඟපාන්නේ මම.”

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals