මේනකත් දික්කසාද වෙයි



 
ජනප්‍රිය  නළු  මේනක රාජපක්ෂටත් ඊයේ කොළඹ උසාවියකින් දික්කසාදය ලැබී ඇත. ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වූ මේනක හා විරංගිට දියණියක්ද සිටී. නඩුව අවසානයේ දියණියගේ සම්පූර්ණ භාරකාරත්වය විරංගිට හිමි වූ අතර මාස් පතා විරංගිට හා දියණියට නඩත්තු මුදල් ගෙවීමට මේනකට නියම කෙරිණි. පසුගිය කාලයේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි නෙහාරා පීරිස් හා ඇගේ සැමියා අතර ඇති වූ පෞද්ගලික ප්‍රශ්නයක් හේතු කොට ගෙන නෙහාරාත් සැමියාගෙන් වෙන් වීමට තීරණය කළ අතර ඇයටත් මේ වන විට දික්කසාදය ලැබී තිබේ.


  නෙහාරා සැමියාගෙන් වෙන්වීමට තීරණය කිරීමත් සමගම ඇය හා මේනක රාජපක්ෂ සමග සම්බන්ධයක් පවත්වන බවට ක්ෂේත්‍රය පුරා රාවයක් පැතිර ගියහ. නමුත් මේ සම්බන්ධව දෙදෙනාම පැවසුවේ ඔවුන් යහළුවන් මිස ප්‍රේමවන්තයින් නොවන බවයි.  
                  ඔවුන්ගේ ජනප්‍රියත්වයත් සමඟ ටෙලිනාට්‍යවලටද දෙදෙනාට එක්ව රඟපෑමට ආරාධනා ලැඛෙන අතරේම විවිධ උත්සව අවස්ථාවන්වලද දෙදෙනා එක්ව සිටිනු පසුගිය කාලයේ මාධ්‍ය මඟින් දක්නට ලැබුණි. එහි ආසන්නතම සිද්ධිය වූයේ ඇමෙරිකාවේ බොස්ටන් නුවර රූගත කෙරුණු ටෙලිනාට්‍යක් සඳහා මේනක හා නෙහාරා සම්බන්ධවීමයි. එහිදි ඔවුන් සමීපව ගත් ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයේ සැරිසරනු ලැබුවා.

No comments:

Post a Comment

Forex-Trading-Signals.info - Forex Trading Signals